රක්ෂණය යනු




      රක්ෂණය යන උත්තරීතර වූ සංකල්පයෙන් කියවෙන්නේ "වාසනාවන්ත වූ බොහෝ පිරිසකගේ දායකත්වයෙන් අහඹු ලෙස අවාසනාවන්ත වන්නා වූ සුළු පිරිසකගේ ජීවිත යතා තත්වයට පත් කිරීම" යි. 

      ජීවිත රක්ෂණ සංකල්පයේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ ''ආදායම සුරක්ෂිත කිරීම''යි. යම්කිසි අහඹු සිදුවීමකින් (අනතුරකින්/රෝගී තත්වයකින්/ මරණයකින්) යම් පවුල් එකකයක ආදායමට සිදුවන්නා වූ හානිය පූරණය කිරීමයි. 

එය රක්ෂිතයා විසින් ගෙවනු ලබන වාරිකය ප්‍රතිශ්ඨාව ලෙස සලකා රක්ෂිත උපද්‍රවයන් හේතුවෙන් රක්ෂිතයා හට අලාභයක් ගෙවීමට රක්ෂකයා එකඟවන රක්ෂිතයා හා රක්ෂකයා අතර ඇති කරගන්නා ගිවිසුමකි.  

රක්ෂණයේ මූලධර්ම

1. රක්ෂණීය අයිතිය 
යම් පුද්ගලයෙකුගේ ජිවිතය අහිමි වීමෙන් තවත් අයෙකු හට මූල්‍යමය අලාභයක් ඇති වේ නම්, අලාභය විය හැකි පුද්ගලයා හට ඉහත පුද්ගලයා රක්ෂණය කිරීමෙන් එම අවධානමෙන් බැහැර විය හැක. 
(උදා - ස්වාමියා-බිරිඳ, ණය හිමි-ණයගැති, ආයතනයක අධ්‍යක්ෂකවරු...)

2. උපරිම සද්භාවය
යෝජිත රක්ෂිතයා විසින් රක්ෂණ සමාගම වෙත ලබාදෙන සියලු තොරතුරු සත්‍ය විය යුතු අතර රක්ෂණ ගිවිසුමට බලපෑමක් සිදු විය හැකි සෑම දෙයක්ම නොසඟවා හෙළි කළ යුතුය. (උදා- පරම්පාරාගත රෝගී තත්ව, දියවැඩියාව, අධිරුධිරපීඩනය, සැත්කම් ආදිය...)

3. ආසන්නතම හේතුව 
යම් අහඹු සිදුවීමකින් සිදුවන ජීවිත හානියක දී හෝ රෝගී තත්වයක දි රක්ෂණ ගිවිසුමේ සඳහන් හේතුවක් සෘජුව හෝ වක්‍රව ඉහත අහඹු රෝගී තත්වයට හෝ මරණයට හේතු විය යුතුය. එසේ නොවන අවස්ථාවක දී වන්දි ගෙවීමට රක්ෂණ සමාගම බැඳී නොසිටි. 
 (උදා - රක්ෂණ ගිවිසුමේ සඳහන් නොවන අසාධ්‍ය රෝගී තත්වයක් ඇති වුවහොත් වන්දි ගෙවීමේ වගකීමක් සමාගමට නැත.)