රක්ෂණ ක්‍රියාවලිය


රක්ෂිත පුද්ගලයන්ගෙන් සමාගම අයකරගන්නා වාරික මඟින් රක්ෂණ අරමුදල (Local Insurance Fund) ගොඩනැගේ. නමුත් පරිමාණයෙන් විශාල වන්දි ගෙවීම් සඳහා සමාගමෙහි අරමුදල් ප්‍රමාණවත් නොවිය හැකි බැවින් අදාල අවදානම ජාත්‍යන්තර ප්‍රතිරක්ෂණ සමාගමක (Re-Insurance Company) රක්ෂණය කරනු ලැබේ. ප්‍රතිරක්ෂණ සමාගම් සඳහා ගෙවීම් කිරීමේදී වාරිකයෙන් ප්‍රතිරක්ෂණය සඳහා වෙන් කරන ප්‍රතිශතය මුලු කාලසීමාව සඳහාම එක වර ගෙවනු ලබයි. ( උදාහරණ - මාසික වාරිකය 1000/- x 20% x 12 x 20 Term = 48 000/- ) යම් කිසි හෙයකින් රක්ෂිතයා සිතා බැලීමේ කාලසීමාවෙන් (Cooling off period) පසු පළමු මාස කිහිපය තුලම වාරික ගෙවීම පැහැර හැරියහොත් සමාගමට සිදුවන අලාභය මදක් හෝ ආවරණය කරගැනීම සඳහා සියලු රක්ෂණ සමාගම් පළමු වසර තුන හෝ දෙක තුළදි අවලංගු කරන කිසිදු රක්ෂණවරයක් සඳහා ආපසු මුදල් ගෙවීමක් සිදු නොකරයි.

අදාල ප්‍රතිරක්ෂණ මුදල් ගෙවීමෙන් හා සමාගමේ වියදම් අයකරගැනීමෙන් පසු ශේෂ මුදල සමාගමේ අරමුදල වෙත යොමු කෙරේ. එසේ ගොඩනැගෙන රක්ෂිත අරමුදලින් 75% ප්‍රමාණයකට වඩා වැඩි ප්‍රමාණයක් ආයෝජනය කරන්නේ ද රාජ්‍ය සුරැකුම් වල පමණක් වේ. එබැවින් රක්ෂණ සමාගම් හී ස්ථාවර භාවය හා සුරක්ෂිත භාවය ඉතාමත් ඉහල මට්ටමක පවතී.

විශාල පරිමාණයේ වන්දි ගෙවීමක දි ප්‍රතිරක්ෂණය කර ඇති නම් අදාල ප්‍රතිරක්ෂණ සමාගම විසින් එම මුදල කිසිදු පැකිලීමකින් තොරව දේශීය සමාගමට ලබාදෙන අතර දේශීය සමාගම විසින් රක්ෂිතයාට වන්දි ගෙවීම පැහැර හැරීමට හෝ වන්දි ගෙවීමේ දෙගිඩියාවක් ඇති කරගැනීමට අවශ්‍යය නොවේ. කුඩා වන්දි ගෙවීම් දේශීය සමාගම් සතු රක්ෂණ අරමුදලින් ගෙවනු ලබයි. 

රක්ෂණ සමාගමක් තෝරාගැනීමේ දී
-  ප්‍රතිරක්ෂණ සමාගමක් ඇති ද යන වග
-  ප්‍රතිරක්ෂණ සමාගම වෙත ගෙවන්නාවු වාරික ප්‍රතිශතය
-  දේශීය අරමුදලේ ආයෝජන සිදු කරන්නේ කෙසේද  යන්නා වූ කාරණා සළකාබැලිය යුතුය.